භානුකගේ ප්‍රකාශයට මිකී ආතර් පිළිතුරු දෙයි

3587

ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පුහුණුකරු මිකී ආතර් සැලකන්නේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව තදින්ම සලකා බලන පුද්ගලයෙකු ලෙසටයි.ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ භානුක රාජපක්ෂට ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරඟුළු වැසී ගොස් තිබෙනවා.

ඒ භානුකගේ පවතින ශාරීරික යෝග්යතාව ගැටලු කිහිපයක් හේතුවෙන්.මේ පිළිබඳව ඇතුළු කරුණු රැසකට ඊයේ භානුක රාජපක්ෂ යූටියුබ් නාළිකාවක් හරහා පැමිණ පිළිතුරු ලබාදුන් අතර The Island පුවත්පත සමගින් එක්වෙමින් මිකී ආතර් මහතා භානුකගේ චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදී තිබෙනවා

”භානුක කියන්නේ ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්.ඔහුට ඉතාම හොඳ හැකියාවක් තිබෙනවා වේගයෙන් පන්දුවට පහරදීමට.කෙසේ නමුත් ඔහුගේ පන්දු රැකිම ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුගේ මට්ටමට තවමත් පැමිණ නැහැ.ඔහු ඒ මට්ටමට පැමිණීමට අවශ්‍යයි.ඒ සඳහා ඔහු ඔහුගේ කෑම පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ යුතුයි.භානුක පවසා තිබෙනවා ඔහු චොක්ලට් කෑමට කැමතියි කියලා.නමුත් මගේ අදහස තමයි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් උනාම කැපකිරීම් කරන්න ඕනි කියන එක.මම ඇත්තටම ගොඩක් කණගාටුවට පත් වුණා ඔහු ග්ලවුස් එකක් ගලවගෙන දුවලා දැවීගිය වෙලාවේ.ඒකෙදී ඔහුට පළවෙනි ලකුණ ඉතා ඉක්මනින් ලබා ගන්න බැරි වුණා.ඒක කිසිදු ආකාරයකට සාධාරණීකරණය කරන්න බෑ.ක්‍රීඩකයකු ලකුණු එකසිය විස්සක් විතර සෙන්ට්‍රිගේඩ් අංශක 40 විතර උෂ්ණත්වයකදී ලබා ගත්තා නම් මම එය අනුමත කරනවා.නමුත් භානුකගේ සිදුවීම සිදුවුණේ එහෙම තත්වයකදී නෙමෙයි.භානුක ස්කින් ෆෝල්ඩ් පරීක්ෂණය අසමත්වෙලා ගෙදර ගියා.ඉනපසුව පැවති පරීක්ෂණය වලට ඔහු ඉදිරිපත් උනේ නෑ.ඒක තමයි ඔහුගේ ක්‍රියාකලාපය උනේ.

හොඳම උදාහරණය කුසල් ජනිත්.ඔහු 15% ක් පමණ ස්කිජ් ෆෝල්ඩ් එක අඩුකරගෙන තියෙනවා.ඒකෙන් ඔහු උපරිම වශයෙන් ප්‍රයෝජන අරගෙන තමයි එදා ශතකයක් ලබා ගත්තේ.එහෙම නොවුනා නම් එදා තිබුණ උෂ්ණත්වය ආර්ද්‍රතාව වැනි සාධකත් එක්ක ඔහුට එතරම් වෙලාවක් පන්දුවට පහර දෙන්න වෙන්නේ නෑ.එහෙනම් ඔහු ලකුණු 60 ක් විතර ලබා ගනීවී.ශාරීරික යෝග්‍යතාව කියන එක ක්‍රීඩකයෙකුට හැම අතින්ම අතිශයින්ම වැදගත් දෙයක්”යනුවෙන් මිකී ආතර් සදහන් කර තිබේ.