BREAKING NEWS
Search

බිහාර් ක්‍රිකට් ලීගයට සනත් සහ ඩිල්ෂාන්

1808

ඉන්දීය බිහාර් ප්‍රාන්ත ක්‍රිකට් සංගමය (BCA) විසින් බිහාර් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් 100 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් ‘Bihar Cricket League’ (BCL) නමින් T20 ක්‍රිකට් ප්‍රීමියර් ලීග් තරගාවලියක් පැවැත්වීමට නියමිතය.

මේ සඳහා තරග වදින Patna Pilots, Bhagalpur Bulls,Darbhanga Diamonds,Angika Avengers සහ Gaya Gladiators යන කණ්ඩායම් පහෙන් ණ්ඩායම් දෙකක උපදේශකවරු (Mentors) ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සුපිරි ක්‍රීඩකයින් වන ‘සනත් ජයසූරිය’ සහ ‘T.M.ඩිල්ෂාන්’ පත් කර තිබේ. ඉතුරු කණ්ඩායම් 3 හි උපදේශකවරු ලෙස Danny Morrison,RP Singh සහ Venkatesh Prasad යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ද පත් කර තිබේ.

Bihar Cricket League (BCL) තරගාවලිය මාර්තු 21 වැනිදා සිට මාර්තු 27 වැනිදා තෙක් පැට්නාහි Floodlit Urja Stadium ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර Eurosport India හෝ 1Sports යන ඉන්දීය ක්‍රීඩා නාලිකාවක් ඔස්සේ තරගාවලිය විකාශය කිරීමට නියමිත බවටද වාර්තා වේ.

©️Fm and tv srilanka