බිල වැඩියි කියා මනු කියවන්නාට පහර දීලා

ByPasindu

Jan 16, 2023

සිය නිවසේ විදුලිබිල ඉහළ ගොස් ඇති බවට පවසමින් විදුලි මනු කියවන්නාට පොලුවලින් පහරදීමේ පුවතක් පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ මනු කියවන්නා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ හලාවත විදුලි ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙක්.

පහරදීම සිදුකළ පුද්ගලයා ද ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ මස 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.