දසුන් අයියා තමයි මට මඟ පෙන්නුවේ – චරිත් අසලංක

1009

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන තරඟය ඊයේ නිමාව දුටුවේ ජයග්‍රහණය දකුණු අප්‍රිකානුවන්ට හිමි කරමින්.මේ අනුව තරඟාවලිය මේ වන විට 1 – 1ක් ලෙස සම මට්ටමේ පවතින අතර මීළඟ තරඟය සැප්තැම්බර් 7 දා ආරම්භ වීමට නියමිතයි.

දෙවන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ මාධ්‍ය හමුව සමඟින් සම්බන්ධ විණි.මෙහිශී ඔහු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ තමන් නොම්මර 5 ක්‍රීඩා කිරීමට කැමති බවයි. තමන් එංගලන්ත සංචාරයේදී අසාර්ථක වූ විට නායක දසුන් ශානක තමට නොම්මර 5 ස්ථානය ලබා දුන් බවට සහ තමන්ට අවශ්‍ය මානසික විශ්වාසය ලබාදුන් බවට චරිත් පැවසීය.

එමෙන්ම ඊයේ තරඟයේදී තමා ඇතුළු කණ්ඩායමෙන් පන්දු රැකීමේ අඩුපාඩු වූ බව පැවසූ චරිත් කියා තිබුණේ මේ පිළිබඳව වැඩි අවධානය යොමු කරන බවටයි.එමෙන්ම කණ්ඩායමේ සියලුම දෙනා තනි තනිව තමන්ගේ උපරිමයටත් වඩා 10%ක් වැසියෙන් මීළඟ තරඟයේදී ලබාදෙන බවද චරිත් පැවසීය.

පන්දු රැකීමෙන් සිදු වූ අඩුපාඩු හදාගෙන මීළඟ තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කන්ඩායම සිය උපරිමය ලබා දෙන බවටත් චරිත් පැවසුවේය.