BREAKING NEWS
Search

බැසිල් 2024ට!නාමල් 2030ට!රාජපක්ෂ පවුලේ තීරණාත්මක සාකච්ජාවක්!

340

මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වැදිය යුතු බවටත්,එසේ තරග නොවදින්නේ නම් බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවටත් රාජපක්ෂවරුන් අතර එකගතාවක් ඇතිව තිබේ.

පසුගිය බදාදා දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසේ පැවැත්වී ඇති සාකච්ජාවකදී මෙම එකගතාව ඇතිව තිබේ.

මෙම සාකච්ජාවට ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද,චමල් රාජපක්ෂ මහතාද එක්ව සිට ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද සාකච්ජා වී ඇති අතර ඒ මහතා 2030 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සුදුසු බවටද එකගතාවක් ඇතිව තිබේ.