බැසිල් පාර්ලිමේන්තුවට.. මුදල් ඇමතිකම.. අස්වෙන්න 03 දෙනෙක් සූදානම්…

732

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන ජූලි මස මුල් සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට සූදානමක් ඇති බව රජයේ ප්‍රකාශකයෙක් අප වෙත පැවසීය.

ඉන් අනතුරුව මුදල් සම්බන්ධ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ඒ මහතා දිවුරුම් දෙනු ඇති බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

දැනට මණ්ඩලයේ ඇමැතිවරුන් 27 දෙනකු සිටින බවත් එනිසා තවත් ඇමැතිවරයෙකුට දිවුරුම් දිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් දිවුරුම් දුන් පසු පෙට්‍රල් සහ ඩීසල් මිල පහල දැමීමක් සිදු වුනු ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් ඉහළ පෙළේ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත් වී ඇතැයි ද දැනගන්නට ඇත.

බැසිල් රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තු පිවිසීම සදහා සාගර කාරියවසම්,ජයන්ත කැටගොඩ,රංජිත් බණ්ඩාර යන පත් කල මන්ත‍්‍රීවරුන්ගෙන් කෙනෙකු ඉල්ලා අස්වනු ඇතැයිද වාර්තා වෙයි.