වනිදුව ලබාගන්න IPL කණ්ඩායම් අතර සීතල යුද්ධයක්

1639

ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරගාවලියේදී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වූ 24 හැවිරිදි වනිඳු හසරංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර සඳහා යොදා ගැනීමට කණ්ඩායම් අතර තරගයක් ඇති වී තිබෙනවා.

තුන්වන විස්සයි විස්ස තරගයේදි ලකුණු 09 කට කඩුලු 04 ක් දවාලූ වනිඳු මේ වනවිට අයි.සී.සී විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ දෙවන ස්ථානයේ හිමිකරගෙන සිටිනවා.

ඔහු සිය කණ්ඩායමට එක් කර ගැනීම සඳහා කොල්කටා නයිට්රයිඩර්ස්,දිල්ලි කැපිටල්ස්,පන්ජාබ් කිංග්ස්,සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් උනන්දුවක් දක්වන බව වාර්තා වන අතර,රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඒ සඳහා දැනටමත් ඉන්දීය ක්‍රිකට් පාලන මණ්ඩලයෙන් විමසීමක් ද සිදුකර ඇති බව වාර්තා වනවා.