බ්‍රිතාන්‍යයෙන් නව ප්‍රභේදය ආසියාවටත් එයි – පළමු රෝගියා සොයාගැනේ

393

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ B-117 නම් වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය පළමු වරට ආසියානු රටකින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ අනුව නව වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයෙකු වාර්තා වී ඇත්තේ සිංගප්‍පුරුවෙන්.

යුරෝපයේ සිට සිය රටට පැමිණීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ පුද්ගලයින් ගේ සිදුකළ ජානමය පරීක්ෂණයෙන් මෙම වෛරස් ප්‍රභේදය සහිත පළමු ආසාදිතයා සොයා ගැනීමට හැකිවූ බව සිංගප්පුරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියා.

නව ප්‍රභේදය සහිත රෝගියා 2020 අගෝස්තු මාසයේ සිට එක්සත් රාජධානියේ ඉගෙනුම ලබන 17 හැවිරිදී තරුණියක් බවයි සිංගප්පුරු බලධාරීන් සඳහන් කරන්නේ.

මෙම තරුණිය දෙසැම්බර් මස 06 වෙනිදා සිංගප්පුරුවට පැමිණ ඇති අතර ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ දෙසැම්බර් මස 08 වෙනිදායි.