බන්ධනාගාර නිලධාරියෙකු කංජිපානි ඉම්රාන්ට වදින වීඩියෝවක් ආරක්‍ෂක ලේකම් අතට

636

කුප‍්‍රකට ම…ත්ද්‍රව්‍ය ජා..වාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙකු වදින වීඩියෝවක් තමන් අතට පත්ව ඇතැයි ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ඔහු ප‍්‍රකාශ කළේ ප‍්‍රබල ඝනයේ ජා..වාරම්කරුවන් සිරගත කිරීමෙන් පමණක් අපරාධවලට විසදුම් නොලැබෙන බවයි.

බන්ධනාගාරය තුළ සිට අපරාධ මෙහෙය වන ආකාරය පිළිබද තොරතුරු තවදුරටත් වාර්තා වෙමින් ඇතැයි ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කළා.

මේ අතර පසුගිය මාස 2 ක කාලය තුළ විවිධ දු..ෂණ කි‍්‍රයාවලට සම්බන්ධ නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත් 19 දෙනෙකුට ස්ථාන මාරු ලබාදීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.