බදුර්දීන් එන්න හැදුවොත් එළවනවා…

457

‘අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා..රිෂාඩ් බදුර්දීන් ආණ්ඩුවට එකතුවෙන්න ආවොත් එලවනවා’යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍ රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බවද ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

රාජ්‍ය උත්සවවලට ඕනෑම විපක්ෂ මන්ත්‍රීවරයෙකුට පැමිණීමේ අයිතිය ඇති බවත් එහිදී සිදුවන සාකච්ඡාවන් සාමාන්‍ය සිදුවීම් බවත් ඔහු පැවසීය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති උත්දවයකට බදියුදීන් මන්ත‍්‍රීවරයා පැමිණ සිටීම ආණ්ඩුවට එක්වීමේ පෙරහුරුවක් ලෙස දැකීම නිවැරැදි නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය
උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.