BREAKING NEWS
Search

පෞද්ගලික හේතුවක් මත මැතිව්ස් එංගලන්ත සංචාරයෙන් ඉවත් වීමට තීරණය කරයි.

367

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට හිටපු ඇන්ජලෝ මැතිව්ස් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

දෙරට අතර එක්දින ක්‍රිකට් තුනක් සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඊට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 14 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

අදාළ තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ජුනි මස 23 වනදා සෝෆියා ගාඩ්න්ස් හිදී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

දෙවන සහ තෙවන තරග පිළිවෙලින් 24 සහ 26 යන දිනවල පැවැත්වෙනු ඇති.

එමෙන්ම පළමු එක්දින ක්‍රිකට් තරගය 29 වනදාත්,දෙවන තරගය ජූලි මස පළමුවනදා පැවැත්වීමට නියමිතයි.

ජූලි මස 4 වනදා දෙරට තෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

අදාළ සංචාරය නිම කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි මස 05 වනදා යළිත් දිවයිනට ළඟා වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්,බංගලාදේශ කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඇතුළත් නොවීමත් විශේෂත්වයක්.