පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් 48 දෙනෙක් රෝහල් ගත කෙරේ – පාසල් ළමුන් 21 ඒ අතර

216

පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන්ගත් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසුවා.

අද (02) දින උදැසන 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසදියී.

අනතුරෙන් පාසල් ළමුන් 21 දෙනෙකු සහ වැඩිහිටියන් 27 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යයවරුන් කියා සිටියේ.

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය මාර්ගයෙන් අඩි 25 පමණ ඉවතට පැන තිබෙනවා.

එම මාර්ගය දැඩි ලෙස වලවල් හැරි තිබිම නිසා බස් රථය වලකට වැටි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

තුවාල ලැබු පාසල් ළමුන් අවු 10 – 18 වයස් වල පසුවන ළමුන් බවයි වර්තා වන්නේ.