පෞද්ගලික සේවකයන්ට වැටුප..

481

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමු වේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට මසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් ලබාදීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ,මේ සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවය.

(ada_derana)