පොලිස් SI ගෙදර ගෙනා බෑගය ගැන බිරිඳ හෙළි කරයි – පොලිසිය හිස ගැන බලාපොරොත්තුවෙන්

1571

කුරුවිට තරුණියගේ කපා ගත් හිස සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිය නිවෙසට රැගෙන ගොස් වත්තේ ඇති ළිඳකට දමා ඇත්දැයි සෙවීම සඳහා එම ළිඳ හිස් කිරීමට පොලිසිය කටයුතු කළා.

ඒ,පොලිස් නිලධාරියා බඩල්කුඹුර සිය නිවෙසට කළු බෑගයක් රැගෙන පැමිණි බවට ලැබුණු තොරතුරක් අනුවයි.

එම බෑගයේ දමාගෙන මොහු තරුණියගේ හිස ගෙදරට ගෙනැවිත් ලඳු කැලෑවට හෝ වත්තේ ඇති ළිඳට දැම්මේ ද යන්න සොයා බැලීමට පොලිසිය මෙම පියවර ගෙන තිබෙනවා.

එහෙත් කාන්තා හිසක් සොයා ගැනීමට හෝ කළු බෑගයක් සොයා ගැනීමට නිලධාරීන්ට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

සැමියා නිවසට පැමිණෙන විට කළු පැහැති බෑගයක් කරේ එල්ලාගෙන පැමිණි බව ඔහුගේ බිරිඳ ද හෙළි කර තිබුණා.

එම බෑගය සී.සී.ටී.වී.දර්ශනවල පෙනෙන ආකාරයට ඔහු විසින් කරේ එල්ලාගෙන ඇති බෑගයමද යන්න තවමත් තහවුරුවී නැහැ.

මොවුන් දෙදෙනා නතරව සිට ඇති මිඩ්වේ හෝටලය පිහිටා ඇත්තේ කැලණි ගඟ ආසන්නයේ වන අතර මේ අනුව හිස කොටස ඇගේම ඇඳුම් බෑගයට දමා කැලණි ගඟට විසිකරන්නට ඇති බවට ද සැක මතුව තිබෙනවා..