පොඩි ලැසී ආයුධ පෙන්වීමට රැගෙන යයි – අවි දෙකක් සොයාගනියි

445

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පොඩි ලැසි නැමැත්තාට අයත්  ටී 56 ගිණි අවියක් හා රිවොල්වරයක් ඊයේ (23) රාත්‍රි මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි පොඩිලැසිගේ ආච්ච්ගේ නිවස පිටුපස තිබී සෙයාගත් බව අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව පවසයි.

දැනට අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ රැදවුම්භාරයේ පසුවන පොඩි ලැසිගෙන් ලබාගත් තොරතුරු හා විමර්ශනවල අනාවරණය කරගත් තොරතුරු මගින් මෙම ගිනි අවි සොයාගත් බව අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තුව පවසයි. පොඩි ලැසී නැමැත්තාද  අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම ස්ථානයට රැගෙන විත් තිබේ.

අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, ජෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂක නිශාන්ත ද සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි  මෙරිල් රන්ජන් ළමාහේවා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම ආයුධ සොයාගනු ලැබිය.