BREAKING NEWS
Search

පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

201

උද්ඝෝෂණයක් අතරතුර ඇතිවූ සිද්ධියක් හේතුවෙන් පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමි ව කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ,අද (08) උදෑසන කොටුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී උන්වහන්සේ කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයට පහරදී අලාභයක් සිදුකර ඇති බවය.

එම සිදුවීම සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම සම්බන්ධයෙන් එම සිද්ධියට අදාළව පූජ්‍ය ජඹුරේවෙළ චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.