පුගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව තරුණයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූගොඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. පොලිස් භාරයේ සිටින සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පොලිසියේ වගකීමක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පෙන්වා දෙනවා.