පුංචි පුතුට කිරිවලට ව ස එක්කර පොවා දිවිනසාගත් දිඹුලාගල අම්මා

519

සැමියාගේ අධික බී මත්කම නතර කිරීමට උත්සාහ කිරීමේදී තමාට හා තම පුතුට නැන්දම්මාගෙන් සිදුවන අපහාස කිරීම් හා තාඩන පීඩන ඉවසා ගත නොහැකිව ඇති වූ සිත් වේදනාවෙන් තම 06 හැවිරිදි පුතුට කිරි දමා ව ස පොවා මවද වස බී සි යදිවි හානි කරගත් ශෝකජනක පුවතක් දිඹුලාගල නුවරගල කොට්ඨාසයේ පිහිටිවැව ගම්මානයෙන් වාර්තාවෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිහිටිවැව පදිංචි සත්‍යමේල් නලනී (28) හා පළමු වසරේ ඉගෙනුම ලබන වයි.කේ.සෂ්මික (06) නමැති පිරිමි දරුවෙකුයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ පොළොන්නරුව මහෙස්ත‍්‍රාත්වරිය පොලීසියට නියෝග කර තිබෙනවා.