පුංචි තිරයේ මගේ මුල්ම පෙම්වතා ජැක්සන් ඇන්තනී-සරාගේ අම්මා වුනු ප්‍රවීන නිලි රූපා පතිරණ

6334

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි රූපා පතිරණ කියලා කියන්නේ. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ප්‍රේකෂක ඔබ ආදරය කරන චරිත අතර සරාගේ අම්මාට රංගනයෙන් දායක වෙන ඇය අපට අමතක කළ නොහැකි චරිතයක්. කලා ක්ෂේත්‍රය තුළ තරු කුමරි, හිරු අවර, වෙද හාමුදුරුවෝ, ගිම්හාන තරණය, චක්‍ර, බණ්ඩාර දෙයියෝ, උත්තම පුරුෂ, ගල් පිළිම සහ බොල් පිළිම වැනි ටෙලි නිර්මාණයන් තුළින් නිළියක් ලෙස ප්‍රේක්ෂක ජනාදරයට පත්වූ ඇය වේදිකාවේ ද අතිදක්ෂ නාට්‍ය ශිල්පිනියකි. බොහොම කාලෙකට පස්සේ සරාගේ අම්මාගේ චරිතය සමග ඇයට ලැබෙන ඉහළ ප්‍රතිචාර එක්ක පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇය කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මගේ ගම අලව්ව නගරයට ආසන්න පිහිටා තිබෙන විල්ගමුව කියන ගම. මම අධ්‍යාපනය හැදෑරුවේ නාරම්මල මයුරපාද විද්‍යාලයෙන්. පාසල් කාලේ ඉඳලාම කලා හැකියාවන් මට තිබුණා. ගීත ගයන්න, කවි කියන්න හරි දක්ෂයි. මම මුලින්ම වේදිකාවට ගොඩ වෙන්නේ අවුරුදු පහේදී ගමේ නාට්‍යයක නර්තනයක් කරන්න. ඔහොම ඉන්නකොට මට ඕනෑ වුණා නාට්‍ය ගැන ඉගෙන ගන්න. සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයාගේ නාට්‍ය පාඨමාලාව හැදෑරුවාට පස්සේ එතුමාගේ ඇහැලේපොළ නාට්‍යයේ ඇහැලේප්පොළ කුමාරිහාමිගේ චරිතය කරන්න මට අවස්ථාව ලැබුණා.

මගේ නාට්‍ය මුල් ගුරුතුමා සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයා. දෙවැනි ගුරුවරයා තමයි ජිනදාස එස්. ගමගේ මහතා. එතුමා අධ්‍යක්ෂණය කළ ගොඩක් නාට්‍යවල මම වැඩ කළා. ඒ ගුරුහරුකම් මැද්දේ තමයි මම ආවේ. 1986 කෝණය තමයි මගේ පළමු ටෙලිනාට්‍යය. දෙවැනි නාට්‍යය තමයි භවතු සබ්බ මංගලම් කියන නාට්‍යය. භවතු සබ්බ මංගලම් නාට්‍යයේ මගේ පෙම්වතාට රඟපෑවේ ජැක්සන් ඇන්තනී මහත්තයා. අද අවුරුදු 35කට පස්සේ ජැක්සන් මහත්යාගේ පුතාගේ මව වෙන්න ලැබුණ එක ගැන මට හරිම සතුටුයි. ඇත්තටම නාඩගම්කාරයෝ කියන්නේ මගේ නාට්‍ය ජීවිතේ ආයෙම ඉපදුණා වගේ හැඟීමක් ආපු නිර්මාණයක්. සැරපරුෂ, වයසක චරිත මට හුරු පුරුදු චරිත. ඒත් ඇත්තටම ජීවිත්තේ මම කවදාවත් සැරපරුෂ, කෙනකුගේ හිත රිද්දලා කතා කරන කෙනෙක් නෙමෙයි. සරාගේ අම්මාගේ චරිතය එක්ක හැමෝම අහනවා අනේ ඔයා ඒ තරමටම සැර ද කියලා. අනේ ඉතින් මම ඒ තරමට සැර නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.