පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක දිවි මගට සමුදෙයි

496

මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂව සිටි වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.

කොරෝනා වසංගතය පාලනය කරන්න රට වහනකොට අපේ රෝහලේ නේවාසික රෝගීන් එක්දහස් හයසියයකට ආසන්න ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර ලැබුවා. ළමා වාට්ටුවේ පමණක් රෝගීන් එකසිය පනහක් ප‍්‍රතිකාර ගත්තා. ඔවුන්ගෙන්  90% ක් ලියුකේමියා රෝගීන්. ඒ දරුවන්ව උපරිමයෙන් අපි ආරක්‍ෂා කළා. සාමාන්‍ය දවස්වලට ඒ ළමයි වෙනුවෙන් සෙල්ලම් ගෙයක් තිබුණා. උපකාරක පන්ති පැවැත්වූවා. ඒ සේරම නතර කළා. සෙල්ලම් බඩු ඇතුළු ඒ දරුවන්ට ලබාදෙන සියලූ පරිත්‍යාග නතර කළා. පුංචි දරුවන්ගේ විතරක් නෙමෙයි, සියලූම පිළිකා රෝගීන්ගේ ප‍්‍රතිශක්තිකරණය ඉතාම දුර්වලයි. වසංගත රෝගයක් වැළඳීමේ ප‍්‍රවණතාව ඉතාම වැඩියි. යම්කිසි විෂබීජයක් රෝහල තුළට ඇතුළු වුණා නම්, ඉතාම කෙටි කාලයකින් නේවාසික රෝගීන් සියලූ දෙනාට විෂබීජය ඇතුළු වෙනවා. ඒ නිසා අවදානමට පෙර සූදානම් වෙමින් දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට අපි කටයුතු කළා…’’