පිළිකාව එක්ක සටන් කරද්දි මාව දාලා ගිය බිරිඳ ආයේ ආවොත් භාර ගන්නේ නැහැ – සචිත් පීරිස්

10596

සචිත් පීරිස් කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. ඔහුගේ රූපය දුටුවත් කටහඬ ඇසුවත් ඔහු මොනවාද කරන්නේ කියලා විශේෂයෙන් බොහෝ තෘණ පිරිස දන්නවා. සංගීතයත් එක්ක ජීවිත් වෙන ඔහු ගැන පසුගිය දවස්වල බොහෝ දෙනෙකු කතා කළා. ඒ ඔහු අසනීප වී සිටි නිසා. සචිත් 2012 වසරේ ඉදන් වසර ගණනාවක් පිළිකා මාරයා එක්ක සටන් කළ තරුණයෙක්. නමුත් මේ දවස්වලනම් ඔහු ගැන කතා වෙන්නේ සචිත්ගේ අලුත්ම ගීත නිසා.

සචිත් වසර ගණනාවක් පිළිකා මාරයා එක්ක සටන් කරලා මේ වෙද්දි හොඳටම හොඳ වෙලා නැවතත් තම සංගීත කටයුතු එක්ක කාලය ගත කරනවා. මනස සුවසේ තබා ගැනීම හා මනස ලෙඩ කරගන්නේ නැතුව ජිවත් වීම නිසා ඔහු මෙම අසනීප තත්වෙන් මිඳුනා කියලා තමයි ඔහු කියන්නේ. හිත වැටුණු අවස්ථා වගේම ඔහුගේ ජිවිතේ නැති කරගන්න ඕන කියලා හිතුන අවස්ථා තිබුණත් ඇත්ත තේරුම් ගෙන අද දවස සතුටින් ජිවත් වෙන්නේ කොහොමද කියලා ඔහු ඉගෙන ගත්තලු. ඉතින් සචිත් අදටත් අතීතෙවත් අනාගතයේවත් ජිවත් නොවී වර්තමානයේ ජීවත් වෙනවලු. එහෙම ජීවත් වෙද්දි අද දවස සතුටින් ජිවත් වෙන නිසා ඒ සතුට හා මනසේ සුවපත් බව ඔහුගේ රෝගය සුව වෙන්න බලපෑවාලූ.

ඔහුගේ අසනීප තත්වය එක්ක සචිත්ගේ බිරිඳ ඔහුවව දාලා යනවා. ඔහුගේ අසනීප තත්වය නිසා සචිත්ගේ විවාහ ජිවිතෙ තිබුණේ කෙටි කාලයයි. දැන් සචිත් සියයට සියයක් හොඳින් නිසා අසනීපය වෙලා ඉද්දි ඔහුව හැරගිය බිරිඳ නැවත කිසිසේත්ම බාරගන්නේ නැහැලු. එය අතීතයේ සිදුවීමක් විතර නිසා ඔහු ඇය ගැනවත් ඒ අතීතය ගැනවත් කතා කරන්න කැමති නැහැලු. ඇය නිසා ඔහු විදවපු කාලයක් තිබුණ නිසා ඒ වගේ කාලයක් නැවත උදා කරගන්න ඔහුගේ කැමැත්තක් නැහැලු.

ඕනම කෙනෙක් ලෙඩ වෙන්න, සල්ලි නැති වෙන්න වගේම ඔහුගේ වටා ඉන්න කැමති කට්ටිය දාලා යන්න පුළුවන්. ඉතින් ඔහු කියන්නේ මිනිසුන්ට නරක කාල වගේම හොඳ කාලයකුත් එන නිසා මනසින් නොවැටී ඉන්න එක තමයිලු හොඳම බෙහෙත. ඉතින් සචිත් පිළිකාවෙන් හෝ වෙනත් රෝගයකින් පෙලෙන සියලුම දෙනාගෙන් ඉල්ලන්නේ එච්චරයි කියලා ඔහු කියා සිටියා. සචි අසනීප කාලේ ඔහු ලඟින්ම ඉදලා තියෙන්නේ ඔහුගේ දෙමාපියෝ සහ ඔහුගේ සහෝදරයෝ දෙන්නා. ඉතින් සචිත් ඔහුට අමාරු මොහොතේ ඔහුට හයියක් වුණ ඔවුන්වත් ආදරෙන් මතක් කරනවා.