BREAKING NEWS
Search

පිළිකාකාරක පොල්තෙල් එපා… කියා ජාතික සමගි ජන බලවේග විරෝධතා….

139

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පිළිකා කාරක පොල් තෙල් ආනයනය කිරිම ජිවන වියදම ඉහල යාම සහ පරිසර විනාශයට විරෝධය පාමින් නාවලපිටිය නාවලපිටිය නගර මධ්‍යයේ (04) දින උද්ඝෝෂන ව්‍යාපාරයක් පවත්වනු ලැබුහ.

ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ නාවලපිටිය නගර සභාවේ සභාපති සසංස සම්පත් සංජිව මහතා විසින් මෙම උද්ඝෝෂන ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.

කොකිස් කන්න කහත් නැ,කැවුම් කන්න තෙලුත් නැ,බත් කන්න හාලුත් නැ,කොහාට වහන්න ගසුත් නැ යන මැයෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වනු ලැබුහ.

මෙම උද්ඝෝෂනයේදි අදහස් දැක් වු ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ රටේ පවතින අධික ජිවන බර හමුවේ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය සමග රටේ ජනතාව දැඩි පිඩාවට පත් වි ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ