පියා සහ පුතු 13 හැවිරිදි දැරියක ට අතවර කරලා

752

13 හැවිරිදි බාල වයස්කාර දැරියකට ලිංගික අතවර සිදුකළ බව පැවසෙන 18 හැවිරිදි තරුණයෙක් මේ මස 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ජවසේකර මහතා නියෝග කර තිබේ.

මොවුන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවට අනාවරණය වී තිබේ.

අතවරයට ලක්වු දැරියගේ මව සිය ස්වාමිපුර්ෂයා මියගිය පසු සැකකරු තරුණයාගේ පියා සමඟ පිළියන්ද ප්‍රදේශයේ ජීවත්ව ඇත.

එහිදී දැරිය හා තරුණයා අතර ඇති වු ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඔවුන් නිවසින් පැන ගොස්,වැලිමඩ ගුරුතලාව කුරුදුගොල්ල ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අනතුරුව පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ සැකකාර තරුණයාගේ පියා නිවසේ සිටිය දී නොයෙක් අවස්ථාවල දී බලහත්කාරයෙන් තමාට ලි ංගික අතවරයන් සිදුකළ බවය.
මේ බව තරුණයාට පැවසු බවත්,නිවසින් පළා යෑමෙන් අනතුරුව තරුණයා අතින් ද තමා අතවරයට ලක්වු බව දැරිය පොලීසියට පවසා ඇත.

බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ පරීක්ෂණ ඒකකය විසින් දැරිය සිටි ගුරුතරාවේ නිවස පරීක්ෂාවට ලක්කර තිබේ.

අතවරයට ලක්වු දැරිය සිය මවගේ භාරයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බෝගහකුඹුර රෝහලට ඇතුළත් කර ඇත.

සැකකාර දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගැනීමට ගැනීමට මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.