BREAKING NEWS
Search

පියාගේ ඡන්දෙට කප්පම් ඉල්ලූ මාලක සොයා පොලිස් මෙහෙයුමක්

563

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔහුගේ පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යයි ඔහුට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ඇරඹී තිබෙනවා.

මාලක සිල්වා විසින් දුරකථන ඇමතුම් සහ එස්එම්එස් මාර්ගය මෙන් තර්ජනය කර ඇතැයි අදාළ පැමිණිලිකරු පැමිණිලි කර තිබෙනවා.

Source – TrueNews