BREAKING NEWS
Search

පිටියේ තිබුණු වේගයෙන් පන්දුව ඉපිලෙන ස්භාවය අපිට අපහසු උනා.-කුසල්

2220

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්තයට එරෙහිව අවසන් විස්සයි විස්ස තරගයත් ලකුණු 89කින් පරාජයට පත් විමත් සමග තරගාවලිය 3-0 ලෙස එංගලන්තය කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කිරිමට සමත් විය.

ඉතා දුර්වල මට්ටමේ ක්‍රීඩා කර ශ්‍රී ලංකා කාණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකු තරගාවලිය තුලදී සාර්ථක වීමට අපොසත් විය.

අවසන් තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් පෙරේරා මෙලෙස අදහස් දැක්වූයේය.

“අපි දන්නවා සෑම විටකදීම පිතිකරුවන් අසාර්ථක වුවහොත් තරඟයක් ජයග්‍රහණය කිරීම අපහසු වන බව.අවාසනාවකට මෙන් අද දිනයේත් එය සිදුවුණා.පිටියේ තිබුණු වේගයෙන් පන්දුව ඉපිලෙන ස්භාවය අපිට අපහසු වූවා.මෙවැනි කණ්ඩායමක් සමග මෙවැනි තරඟයකදී අපි තවත් මීට වඩා සැලසුම්සගහත විය යුතුයි.අපිට මෙවැනි අවස්ථා වලදී අවශ්‍ය වගකීම ගැනීමට සහ එකී වගකීම සිතට ගෙන ක්‍රීඩා කිරීමට තීරණය කල යුතු වනවා”