පැරා ඔලිම්පික් තරගාවලියේදී ලෝක වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

250

ටෝකියෝ පැරාලිම්පික් උලෙළේ එක් අතක් වැලමිටෙන් පහල අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයින් සහභාගි වූ F 46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හිමිකර ගත්තා.

දිනේෂ් එහිදී මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දැක්වූ අතර එය එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් ලෙසද සටහන් වුණා.

පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ පලමු රන් පදක්කම මෙයයි.