පැයකට මෙරට කොවිඩ් මරණ 3ක් හෝ 4ක්

467

පසුගිය දින කිහිපය තුළදී ශීඝ්‍රයෙන් වර්ධනය වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන කෙටි කලකට හෝ සංචරණ සීමා යළි ක්‍රියාත්මක කළයුතු බවට වෛද්‍යවරු යෝජනා කරනවා.

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

මේ වනවිට පැයකට සිදුවන මරණ සංඛ්‍යාව සාමාන්‍යයෙන් 3ත් 4ත් අතර ප්‍රමාණයක පවතින බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසන්න.

අදාළ දත්ත සලකා බැලීමේදී පෙනී යන්නේ වෛරසය පැතිරීම හා එන්නත්කරණය අතර තරගයේදී වෛරසය පැහැදිලි ජයග්‍රහණයක් අත්කරගෙන ඇති බවද ඔහු පවසා සිටිනවා.