පැන ගිය ආසාදිතයා සොයා ගනී

407

කොස්ගම සාලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් ආසාදිත බවට සැකකරන 26 හැවැරිදි තරුණයා සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වැනි මහලේ නිවසක සිටියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

“කොස්ගම සාලාව රෝහලෙන් පැන ගිය කොවිඩ් ආසාදිත බවට සැක කරන 26 හැවැරිදි තරුණයා බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වැනි මහලේ නිවසක සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙම ස්ථානයට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ගොස් සිටිනවා. සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් එම තැනැත්තා ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා.

මොහු නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත කඩකරමින් වරදක් කර තිබෙනවා. ඒ අනුව මෙම ප්‍රතිකාර හා නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව ඔහුට නඩු පැවැරීමට කටයුතු කරනවා.

මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සම්පූර්ණ ප්‍රතිකාර ලැබීමෙන් පසුවයි ඔහුට නඩු පවරන්නේ.”