පැණිය ඉවරයි: ලංකාවට එන්නත් 4ක් කමිටුව නිර්දේශ කරයි

254

කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා ලංකාවට ගෙන්වා ගත හැකි එන්නත් 4ක් සම්බන්ධයෙන් ජාතික පර්යේෂණ ආයතනය ආණ්ඩුව වෙත සිය නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

ඒ අනුව ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදිත ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත, මොඩර්නා එන්නත, ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත සහ ස්පුට්නික් 5 එන්නත ලංකාවට නිර්දේශ කර ඇති බව එම ආතනයේ සභාපති වෛද්‍ය හේමන්ත දොඩම්පහල මහතා සදහන් කොට තිබේ.

මෙතෙක් ආණ්ඩුව ගෙන්වීමට නියමිත එන්නත පිළිබද අවසන් තීන්දුවක් ගෙන නොමැති අතර 2021 මාර්තු මාසය පමණ වනවිට එන්නත ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව ඇති බව දැනගන්නට ඇත.