පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැති බව මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවා ද?

580

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට සියලුම පාසල් තාවකාලිකව වසා තැබීමට රජය විසින් ලබා දී තිබූ තීරණය තව දුරටත් ක්‍රියාත්මක වන අතර දින නියමයක් නොමැතිව ප්‍රධාන විභාගද කල් යෑමක් දක්නට ලැබෙනවා. එවන් වකවානුවක රටේ පාසල් නැවත ආරම්භ කළ හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ විසින් සිදු කළ බව හැඟවෙන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. ඒ සඳහා සමාජයේ දැඩි දෝශාරෝපණයක් එල්ල වුණේ සංචරණ සීමා පනවා තිබියදීත් කොවිඩ් හේතුවෙන් දෛනික මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ව පවතින අවධියක, පාසල් වෙත දරුවන්ව ආරක්ෂිතව මේ අවස්ථාවේ දී යැවිය හැකිද යන්නයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහන් වලට පාදක වූ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මූලික වූ සාකච්ඡාව සමබ්න්ධයෙන් අවධානය යොමු කිරීමට අප පියවර ගනු ලැබුවා.

Gateway පාසල විසින් පසුගිය සැප්තැම්බර් 04 වන දා සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය සහ පාසල් අධ්‍යාපනය කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වූ දේශනයක් මෙම සටහන් වලට මුල්වී තිබුණා.

මෙම වීඩියෝව Gateway College යූ ටියුබ් නාලිකාවේ දක්වා ඇති අතර එම වීඩියෝව පරීක්ෂා කිරීමේදී පැහැදිලි වූයේ, මහචාර්යවරිය Johns Hopkins විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද කොවිඩ් සම්බන්ධ දත්ත පදනම් කර ගනිමින් මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල කොවිඩ් තත්ත්වයන් හා කොවිඩ් මර්දන එන්නත් කරණය සම්බන්ධයෙන්ද අදහස් දක්වන අතර විනාඩි 38ක ආසන්න කාලයක් කරනු ලබන දේශනයක් බවයි.