පාස්‌කු ප්‍ර හාරයේ වැරදිකරුවන්ට නීතියෙන් ගැලවීමක්‌ නැහැ

782

2019 අප්‍රේල් දා එල්ල වූ ආකාරයේ තවත් ඛේදාන්තයකට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බව ජජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර පාස්කු මංගල්‍යය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

පාස්කුව ලෝකවාසි කිතුනු ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි.පාස්කු මංගල්‍යයේ අර්ථය පාපයෙන් ගැලවීමයි.ජන්ම පාපයෙන් නිදහස්ව,කළ වැරදි ගැන පසුතැවිලි වෙමින් නව දිවියක් ආරම්භ කිරීම ඉන් තවදුරටත් අරුත් ගැන්වෙයි.

ලොවපුරා විසිර පැතිර සිටින කිතුනුවෝ අළු බදාදා ආරම්භ වන දින 40ක කාලපරිච්ෙඡ්දයකින් ක‍්‍රිස්තුන් වහන්සේගේ දුක් ප‍්‍රාප්තිය සහ මරණය සිහිකරමින් ආධ්‍යාත්මික වතාවත්හි නිරත වෙති.පාස්කු ඉරු දින ඔවුහු උන්වහන්සේ උත්ථාන වීමේ විජයග‍්‍රාහී මොහොත මහත් ප‍්‍රීතියෙන් සමරති.

කිතුණු ජනතාව මේ කාලයේදී කිස්තුන් වහන්සේ මානව සංහතිය පාපයෙන් මුදාගැනීමේ චේතනාවෙන් කුරුසියේ දුක්විඳ ඉතා වේදනාකාරී මරණය පරාජය කර නැවත නැගිට විමුක්තිය අත්කර දීම මෙනෙහිකරති.

ශ්‍රී ලංකික කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අ න්තවාදී ම්ලේච්ඡු ප‍්‍ර හාරයකට වරෙක ගොදුරු විය. ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නැත.ඒ පාපී ක‍්‍රියාවට වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට අප කිසිදු ඉඩක් තබන්නේ නැත.එසේම නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටී.

ජේසුස් වහන්සේ එදා දේශනා කළ මානව විමුක්තිය සමාජයට ශක්තියකි.අද ලෝකය හමුවේ මුහුණපෑමට සිදුවන බහුවිධ තාඩන පීඩන පරාජය කර නැඟී සිටීමටත්,පේ‍්‍රමයෙන් දයාවෙන් යුතු මානව හිතවාදී සමාජයක් තුළ ජීවත් වීමටත් මේ පාස්කු සමය ආශිර්වාදයක් කර ගනිමු.