පාස්කු සිදුවිම වගකිව යුත්තන් බේරා දේශපාලන වාසි ගන්න අපට වුවමනා නෑ…

164

පාස්කු ඉරිදා සිදුවිමේ වගකිවයුතු සැකකරුවන් ඉන් මුදා ගැනීමට අපට අවශ්‍ය නැහැ යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ 8 ප්‍රකාශ කරා.

මීට වගකිවයුතු උදවියට නීතියෙන් දඩුවම් ලැබෙන බව කී අගමැතිවරයා එක එකා බේරා ගැනීමට හෝ ඔවුන් වසන් කිරීමට ආණ්ඩුව අවශ්‍යතාවයක් නැතැයිද කීවේය.

පාස්කු සිදුවිමේ සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට ප්‍රමාදවිම පිළිබඳව අද උද්ඝෝෂණ කරන විපක්‍ෂයේ උදවිය මෙම සිද්ධිය ඇතිවුණේ යහපාලන ආණ්ඩුව සමයේදී කියා අමතක කර තිබෙන බවද අගමැතිවරයා සඳහන් කළේය.

පාස්කු ඉරිදා සිදුවිමේ සැකකරුවෝ කිසිම හේතුවක් මත අත්අඩංගුවට ගැනීම නතර නොකරන බවද නීතියේ හැටියට සෑම දෙයක්ම සිදුවෙන බවද හෙතෙම කීවේය.

නෝමන් පලිහවඩන