BREAKING NEWS
Search

පාස්කු සතිය ඉළක්ක කර ගනිමින් දිවයිනේ විශේෂ ආරක්ෂක සැලැස්මක්

102

පාස්කු සතිය ඉළක්ක කර ගනිමින් දිවයිනේ ප්‍රධාන දේවස්ථාන ඇතුළු සංචාරක හෝටල් ඇතුළු හඳුනා ගත් තවත් ස්ථාන රැසක විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසනවා.

මෙම විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙල පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව පාස්කු සතිය පුරා ක්‍රියාතමක කරන බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මෙම ආරක්ෂක වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අදාළ උපදෙස් සහ නියෝග මේ වන විටත් පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපති වරුන් වෙත ලබා දී ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න වැඩි දුරටත් කියා සිටියා.