BREAKING NEWS
Search

පාස්කු ප්‍ර හාරයේ මහ මොළකරුවන් අප්‍රමාදව නීතිය ඉදිරියට ගෙන එන්න -කාදිනල් හිමි

123

පාස්කු ප්‍ර හාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් වසර 2ක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටිනවා.

මේ මොහොතේ පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

ඒ නිසාවෙන් වගකිව යුතු නිලධාරීන් පාස්කු ප්‍ර හාරයේ සැබෑ මහ මොළකරුවන් අප්‍රමාදව නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙස කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසීය.

“ජනාධිපති කොමිෂන් සභාව සිය කටයුතුවල යෙදෙන අතර තුර රටේ ආරක්ෂාව භාර අදාළ ආයතන වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍ර ස්ත විමර්ශන ඒකකය සහ රාජ්‍ය බුද්ධි සේවය යන ආයතන මෙම සාපරාධී මිනිස් ඝා තනය පිළිබඳ පරීක්ෂණ ගැඹුරින් සිදුකළාදැයි විශාල සැකයක් අප සතුව තියෙනවා.පාස්කු ප්‍ර හාරයේ මහ මොළකරුවන් කොටුකර ගැනීමට මෙම එම රාජ්‍ය අංශ කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බව පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ.“