පා’ස්කු ප්‍ර’හාරයේ නඩුවට දින නියම වෙයි

215

පා’ස්කු ඉරිදා එල්ල කළ ත්‍ර’ස්ත ප්‍’රහාර වලට අදාළව නවුෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනා වලට අදාළ නඩුව ඔක්තෝම්බර් මස 04 වනදා කැදවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

නියෝගය නිකුත් කෙරුණේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත,විනිසුරු අමල් රණරාජා සහ විනිසුරු නවරත්න මාරසිංහ යන විනිසුරු මඩුල්ල විසින්.

ඒ අනුව දැනට බන්ධනාගාරගතව සිටින විත්තිකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිතාසි නිකුත් කළා.විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා පත්‍ර එදින ඔවුන්ට විවෘත අධිකරණයේ දී භාරදීමට නියමිතයි.

කතෝලික දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් 2019 වසරේ අප්‍රේල් මස 21 දා එල්ල වූ බෝ’ම්බ ප්‍’රහාර අටක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත්තේ නීතිපතිවරයා විසින්.

පා’ස්කු ඉ’රුදින ත්‍ර’ස්ත ප්‍’රහාරය කුමන්ත්‍රණය කිරීම,ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි,මොහොමඩ් මිල්හාන්,සාදික් අබ්දුල්ලා,ආදම් ලෙබ්බේ,අලියස් ගවුපර් මාමා,මොහොමඩ් සනස්දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු සැකකරුවන් 25 දෙනා වෙත එල්ල කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍ර’ස්ත ප්‍ර’හාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී මි’නීමැරුම්සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව දැනටමත් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ වෙනම නඩු 02 ක් ගොනුකර තිබෙනවා.