BREAKING NEWS
Search

පාස්කු ඉරිදා සිදුවිම සිදුවී අදට වසර 2යි.

166

පාස්කු ඉරිදා සිදුවිම සිදුවී අදට වසර 2 ක් ගත වී තිබෙනවා.

සිදුවිමෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ පැවැත්වෙනවා.

එමෙන්ම 8.45 ට මළවුන්ගේ සීනුව නාද කර විනාඩි දෙකක නිහැඩියාවක් ආරක්ෂා කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම,කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට අදාළව ඊයේ (20) පස්වරු 4 සිට අද (21) දහවල් 12 දක්වා දේවස්ථානය අවට මාර්ග කිහිපයක ගමනාගමනය ද සීමා කර තිබෙනවා.

එමෙන්ම දේවස්ථානවල පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයන් සහ අනෙකුත් ආගමික වැඩසටහන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය දැඩි ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

මේ අතර,පාස්කු සිදුවිම සිදුවී වසර දෙකක් සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය දේවස්ථානයේදීද විශේෂ දේව මෙහෙයක් අද පස්වරු 6 ට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

මේ අතර අද දින කතෝලික සභාව විසින් පාලනය කරන සියලුම පසක් සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2019 අප්‍රේල් 21 වැනිදා මිගමුව,කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය,කොටහේන කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය,මඩකලපුව සියොන් දේවස්ථානය,කොළඹ කිංග්ස්බරි,ෂැන්ග්‍රීලා,සිනමන් ග්‍රෑන්ඩ් සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල යන ස්ථාන වලදී සිදුවිම එල්ල වුණා.

දශකයකට ඉහත දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ප්‍රචණ්ඩකාරී සිද්ධිය මෙයයි.

සිද්ධියෙන් මියගිය පිරිසෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන් වන අතර විදේශිකයන් තිස් අට දෙනෙකුවත් ජීවිතක්ෂයට පත් වුණා.