වයස අවුරුදු 12 – 18ත් අතර පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී,ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.
ඒ අනුව ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරමින් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
රජයේ පළමු ඉලක්කය වන්නේ මිලියන 11.5ක පිරිසකට එන්නත ලබා දීම වන බවත් සඳහන් කර ඇති ඒ මහතා දෙවැනි ඉලක්කය වන්නේ වයස අවුරුදු 12 – 30ත් අතර පිරිසට එන්නත් කරනය සිදුකිරීම බව ද පවසා ඇත.
ඒ අනුව පළමුවෙන් වයස අවුරුදු 12 – 18 ත් අතර පාසල් සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් සැප්තැම්බර් මස 15 වන දින වන විට වයස අවුරුදු 30ට වැඩි පිරිසට එන්නත්කරණය අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කළේය.