පාසල් වල 06 ශ්‍රේණියෙන් ඉහළට වෘත්තීය පුහුණුව අනිවාර්ය කරයි.

1697

පාසල්වල 6 වැනි ශ්‍රේණියෙන් ඉහළට වෘත්තීය මාර්ගෝපදේශනයට අදාළ පුහුණුව අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එම පියවර ගන්නා බවය.

මේ තුළින් පාසල් අධ්‍යාපනය ලබන අවධියේම රැකියා අභිමුඛ පුහුණුවකට සිසුන් යොමු කෙරෙන බවද ඔහු ප්‍රකාශ කරනු ලැබුවා.

මීට අමතරව පාසල්වල උපදේශන ක්‍රියාවලිය අනිවාර්ය කිරිමට ද නියමිතය.

දරුවන් අතර පවතින විවිධ මානසික හා සමාජ ගැටලුවලට මේ තුළින් විසඳුම් ලබා දීමට නියමිතය.

මේ අතර 9 වැනි ශ්‍රේණිය සමත්වන සෑම දරුවෙකුටම අනිවාර්ය අධ්‍යාපන කාලය අවසන් කළ බවට සහතිකයක් ද නිකුත් කරන බව ලේකම්වරයා ප්‍රකාශ කර සිටි.