පාසල් දැරියක් පැහැරගෙන ගොවිබිමක පැලක සිටි සැකකරු අත්අඩංගුවට

720

14 හැවිරිදි පාසල් දැරියක් පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි සැකකරුවෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට, බෝලාන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු බවටයි වාර්තාවන්නේ.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 24 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

අදාළ බාලවස්කාර දැරිය හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිළධාරී වරයා හමුවට ඉදිරපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.

සැකකරු මෙම දැරිය මුහුණුපොත ඔස්සේ හඳුනාගැනීමෙන් අනතුරුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

සිය දියණියන් නිවසින් අතුරුදන්ව ඇති බව පසුගිය 08 වනදා දැරියගේ පියා විසින් ලුණුගම්වෙහෙර පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි දැරිය සොයා විමර්ශන ආරම්භ කර ඇත්තේ.

අනතුරුව පොලිසිය විසින් සැකකරුගේ දුරකථන දත්ත වාර්තා හරහා විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දින 10කට පසුව සැකකරු අදාළ දැරිය සමඟ අම්බලන්තොට බෝලාන ප්‍රදේශයේ පිහිටි වගාබිමක ගසක් උඩ ඉදිකර තිබූ පැලක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ දැරියගේ සොහොයුරා අදාළ සම්බන්ධයට විරුද්ධ වී අවවාද කිරීමත් සමඟ එයට උරණ වූ දැරියගේ ඉල්ලීම මත අදාළ සැකකාර තරුණයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණ දැරිය හමුවී මෙම ස්ථානයට පැමිණ වාසක කළ බවයි.

ඒ අනුව අදාළ දැරියද පෑන් දෙකක් රැඟෙන ඒම සඳහා වෙළඳසැලට යන බව දන්වා නිවසින් පිටතට පැමිණ මෙලෙස සැකකරු සමඟ පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ලුණුගම්වෙහෙර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ