පාසල් අධ්‍යාපන චාරිකා කිලෝ මීටර් 100 කට සීමා වෙයි

ByPasindu

Jan 22, 2023

පාසල් අධ්‍යාපන චාරිකාවලදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රාත්‍රී කාලය පෙර යළිත් නිවෙස්වලට යා හැකි පරිදි නිශ්චිත දුර ප්‍රමාණයක් නියම කිරීම කෙරෙහි අධ්‍යාපන ආමාත්‍යාංශයෙහි අවධානය යොමු වී තිබෙනවා

ඒ අනුව අධ්‍යාපන චරිකාවල නිරත වන පාසල් සිසුන්ට දිනකට එක් අන්තයකට කිලෝ මීටර් 100ක් හෝ ඊට අඩු දුරක් පමණක් ගමන් කළ හැකි බවට යන්න සඳහන් කරමින් නව නීතියක් ගෙන ඒමටයි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ

එමෙන්ම අදාළ කිලෝ මිටර් 100 සීමාව සහ පස්වරු 6.30 ට පෙර එම සියලු බස් රථ පාසලට පැමිණිය යුතු බවටත් සඳහන් කරමින් ඉදිරියේදි චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බවද වාර්තා වනවා

මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත්තේ රදැල්ල බස් රථ අනතුරින් පසුව සිදුකළ සාමාලෝචනයකදියි

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් විනෝද චරිකාවක නිරත වූ බස් රථයක් නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේදී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගැටුණු වෑන් රථයේ සිට 06 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු මියගියා.