BREAKING NEWS
Search

පාලකයින් පත් කළේ, රට හදන්න මිසක් විකුණන්න නෙමෙයි – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

166

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කරමින් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ,අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ,වරාය නගරය චීන කොලනියක් බවට තමයි පත් කිරීමට සැරසෙන බවත්,එලෙස රට තුළ චීන කොළනියක් ඇති කිරීමට ඉඩ නොදෙන බවත් ය.

පාලකයින් පත් කළේ රට හැදීමට මිසක්,රට විකිණීමට හෝ බදු දීමට නොවන බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළේ ය.