පාර කියන අත්තම්මා සිංහල පෙළ පොතටත් යයි

218

අධ්‍යාපන පෙළ පොත්වල ජාතික වීරයින් පිළිබඳව ඕනෑ තරම් පාඩම් අප දැක තිබෙනවා.

අප එවන් සුවිශේෂී චරිතයක් සොයා ගිය ගමනක තොරතුරුයි මේ.

5 ශ්‍රේණිය සිංහල පෙළ පොතේ ආදර්ශමත් චරිතයක් වශයෙන් අනාගතර පරපුරට පාඩමක් වන්නට තරම් වටිනා චරිතයක් වුණු ඇය කෑගල්ල – පරගම්මන ප්‍රදේශයේ පදිංචි 85 වන වියේ පසුවන ලිලී වයලට් මාතාවයි.

පාර කියන අත්තම්මා යනුවෙන් කා අතරත් ප්‍රචලිත මේ මිත්තණිය වසර ගණනාවක් තිස්සේ හෙට්ටිමුල්ල – බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය අසල ඇති ප්‍රධාන මාර්ගයේ පාසල් දරුවන් සහ ජනතාවට ආරක්ෂිතව පාර මාරුවීමට ස්වේච්ඡාවෙන් සහය වනවා.

මෙවැනි සමාජ මෙහෙවරක් සිදුකිරීමට ලිලී වයලට් මාතාව පෙළඹුණු කාරණය සහ එහිදී ලැබුණු අත්දැකීම් ගැන අප ඇයගෙන් විමසුවා.

එලෙස ඇරඹි ඇයගේ විරල සමාජ මෙහෙවර අද දක්වාම අඛණ්ඩව සිදුකෙරෙනවා.

තම ජීවිත කාලයම ළමා පරපුර වෙනුවෙන් කැප කරන මේ අත්තම්මා දරුවන්,ගුරුවරුන් පමණක් නොව ගම්වැසියන් සහ රථ වාහන රියදුරන්ගේද නොමඳ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වී සිටිනවා.

ජීවිතයේ සැදෑ සමය විවේකයෙන් ගෙවිය යුතු සමයක සෑම දරුවෙකුම තමන්ගේම දරුවන් ලෙස සලකමින් සමාජ මෙහෙවර වෙනුවෙන් කැපවුණු ඇයට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු නොවේද?