පාරේ වැටුණු තාත්තා එතැනම මි’ය යයි – කොවිඩ් ඇතැයි සිතා ‘දියණිය’ පියාව බේරා නොගනී

485

පහළ බෝමිරිය මේධානන්ද මාවතේ හදිසියේ ඇද වැටී සිටි පුද්ගලයකු මි’යගොස් තිබෙනවා.

පහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචි හැට තුන් හැවිරිදි මෙම පුද්ගලයා මාර්ගයේ වැටි සිටින බවට ඔහුගේ දියණියට පණිවිඩයක් ලැබී ඇතත් “තාත්තාට කොරෝනද දන්නෙත් නැහැ” කියමින් ඔහුව රෝහලකට ගෙන යෑමට ඇය උනන්දු වී නොමැති බව හදිසි මරණ පරීක්‍ෂකවරයා ඉදිරියේ දී හෙළි වුණා.

පසුව ප්‍රදේශවාසියකු කඩයකින් මිලදී ගත් වතුර බෝතලයක් ඔහුට ලබා දී ඇති අතර ඔහු එයද පානය කොට පැය භාගයකට පමණ පසු එතැනම මි’ය ගොස් තිබෙනවා.

සිය පියාණන් පාරේ වැටී සිටියදී රෝහල්ගත කිරීමට පියවර නොගත්තේ මන්දැයි ම’රණ පරීක්‍ෂකවරයා මියගිය පුද්ගලයාගේ දියණියගෙන් විමසූ විට ඇය පවසා ඇත්තේ‘තාත්තා වැඩිපුර කොළඹ ප්‍රදේශයේ සිටින නිසාත් කොරෝනා පැතිරෙන නිසාත් පියා අසලට කිට්ටු වීමට බිය වූ බවයි.