පාර්ලිමේන්තුවේ 10කට කොරෝනා! පොකුරක් හැදෙයිද?

187

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සදහා යොදවා සිටින පොලිස් නිලධාරීන් 10 දෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඔවුන් 10 දෙනා ප්‍රතිකාර සදහා යොමු කොට ඇති බවත්,ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කොට ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු සදහා මෙය බාධාවක් නොවන බව බලධාරීහු සදහන් කර සිටිති.

හෙට (08) දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.