පාන් මිල ගැන අවසන් තීරණය මෙන්න

232

පාන් රාත්තලක මිල වැඩි කිරීමට දැනට කටයුතු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව එම සංගමය සඳහන් කළා.

තිරිඟු පිටි මිළ පහළ දැමීම සඳහා රජය මැදිහත් වී කටයුතු නොකරන්නේ නම් එළැඹෙන සඳුදා දිනයේ සිට පාන් මිල රුපියල් 10කින් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 5ත් 10ත් අතර මිලකින් ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා මීට පෙර ප්‍රකාශ කළේ.