පානදුර ඇඟලුම් කම්හලක 450කට කොවිඩ් – සේවක පිරිස 2500ක්

179

පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක සේවක සේවිකාවන් 450කට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.

එම ආයතනය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා.

එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 2500කට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබුණා.