පාතාල නායකයෙක් පොලිසි වෙඩි පහරින් මිය යයි..

113

තවත් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු ආයුධ පෙන්වීමට යාමේදී පොලිස් වෙඩිපහරින් මරණයට පත්ව ඇත.

පොලිසිය සඳහන් කරන්නේ මෙම අපරාධකරු තමන් භාවිත කළ ආයුධ පෙන්වීම සඳහා ගෙන යමින් සිටියදී පොලිස් ජීප් රථයේ රියදුරුට අවහිර කර ජීප් රථය අනතුරට පත් කිරීමට උත්සාහ ගෙන ඇති බවයි.

එය වැලැක්වීම සඳහා එල්ල කළ වෙඩි පහරින් අපරාධකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ගැටුමේදී තුවාල ලද තවත් පොලිස් නිලධාරියෙකු රෝහලට ඇතුළත් කර ඇත.

මෙම පුද්ගලයා පාතාල වෙඩික්කරුවෙකු යැයි කියන ඉඳුනිල් වජිර කුමාර නම් ඔහු පාතාල නායකයෙකු වූ සමයන්ගේ සහායකයෙකි.

මෙම අපරාධකරු අත්අඩංගුවට ගන්නා ලද්දේ හෙරොයින් මත්ද්‍රව්‍ය ද සමඟ පෙරේදා දිනයේ දී ය.