පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කරන්න ගෝඨාභය මෙහෙයුම් අරඹයි – ආරක්ෂක ප්‍රධානින් රැස් වෙයි….!

218

පාතාල නායකයන්, ජාවාරම්කරුවන්බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බවබන්ධනාගාරවල අභ්‍යන්තර තත්වය විමර්ශනය කරනු පිණිස පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අවධාරණය කළෙය.

රට තුළ සිදුවන බොහෝඅපරාධ සහ මහා පරිමාණ ජාවාරම්බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණයවී තිබේ. ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක වන අතරබන්ධනාගාර ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කළ යුතුය.

aබන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපාන අතර කුමන දේශපාලන මතයක් දැරුවද නිලධාරියෙකු හරි දේ කරන්නේ නම් එය අනුමත කිරීමට මම පසුබට නොවෙමි.

aබන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත්කර සම්පූර්ණයෙන් විධිමත් කළ යුතු බව මම එහිදී අවධාරණය කළ අතර ආරක්ෂක ලේකම්, හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙනු ඇත.

නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද උපදෙස් දෙනු ලැබිණි.

දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් යන මහත්ම මහත්මීහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රමුඛ පොලීසියේ සහබන්ධනාගාරයේ ඉහළ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටිහ.