BREAKING NEWS
Search

ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ දැයෙන් සමුගනියි

264

ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කිරීමේදී ඔහු මියගොස් සිට ඇති බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ.

වසර ගණනාවක් මෙරට වේදිකා,ටෙලි නාට්‍යය මෙන්ම රිදී තිරයේ ජනප්‍රිය චරිත රැසකට පණ පෙවූ ජයලාල් රෝහණ මහතා වෘත්තියෙන් ගුරුවරයෙකු වනවා.

1976 දී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියදී සමස්ත ලංකා අන්තර් පාසල් නාට්‍ය තරගාවලියේ‘මුහුදු ගියා’නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ඔහු සමත් වුවා. ප්‍රවීන වේදිකා නාට්‍ය ගුරුවරයෙකු වන ගුණසේන ගලප්පත්ති විසින් සිය මුහුදු පුත්තු වේදිකා නාට්‍ය හරහා කලාවට ජයලාල් රෝහණ අත්පොත් තැබීමට තරම් ඔහු වාසනාවන්ත විය.“ලොකා” නම් නාට්‍යය වෙනුවෙන් හොදම තිර රචනය සහ හොඳම නළුවා හැර 1987 වර්ෂයේ යෞවන නාට්‍යය සම්මාන සියල්ලම සෙසු අංශ සියල්ලෙහි සම්මාන දිනා ගැනීමට ඔහු සමත්විය.

ජයලාල් රෝහණ මහතා පේරාදෙණිය සහ කැලණිය සරසවියේ උපාධිධාරියෙකු ද වනවා.