ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම පරදා දකුණු අප්‍රිකානු කණ්ඩායම විස්සයි විස්ස තරගාවලිය ජය ගනී

178

ශ්‍රී ලංකාව කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්,ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 120ක්.

එහි දී කුසල් පෙරේරා ලකුණු 39 ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.

චාමික කරුණාරත්න ලකුණු 24 ක් නොදැවි ලාබගත් අතර වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකි වුණේ නැහැ.

පන්දු යැවීමේ දී, Bjorn Fortuin සහ කර්ගිසෝ රබාඩා කඩුලු දෙක බැගින් දවාගත්තා.

අනතුරුව ලකුණු 121ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 04ක් තුළ කිසිදුවෙකු නොදැවි ජයග්‍රහණය කළා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන්,කුවින්ටන් ඩී කොක් ලකුණු 59ක් ද රීසා හෙන්ඩ්‍රික් ලකුණු 57ක් නොදැවි ලබා ගත්තා.

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තුනට – බින්දුවක් ලෙස ජයගැනීමටයි දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණේ.

දෙරට අතර පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.